Ultimate magazine theme for WordPress.

වෝනර්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

ඉන්දියාව සමග ලබන 26 වනදා මෙල්බර්න් හී දී ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ගොදුරු වූ ආබාධය මෙතෙක් සම්පූර්ණයේ සුව නොවීම හේතුවෙන්.

ඔහුට අමතරව ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබෝර්ට් හට ද  දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී ඇති බව සදහන්.

ඉන්දියාවට එරෙහි පුහුණු තරගයකදීයි ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණේ.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් දෙදෙනාම තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉදිරියේ දී යළි ඔස්ට්‍රේලියානු සංචිතය හා එක් වනු ඇති.

Leave a comment