වෝනර්ගේ කඩුල්ල දවා ගත් ආචර්ගේ සුපිරි පන්දුව

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ජොෆ්ර ආචර් යොමු කළ පන්දුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.
තරගයේ සිව්වන පන්දුවාරයේදීයි ආචර් විසින් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.
ඔහු යොමු කළ පැයට කිලෝ මීටර් 145ක පමණ වේගයකින් යුත් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් වෝනර්ට සිය කඩුල්ල අහිමි වුණා.
ඒ වනවිට ඩේවිඩ් වෝනර් ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6ක්.
What a beauty by Jofra Archer 😍#ENGvAUS #ENGvsAUS #Warner #Archer pic.twitter.com/gTEq9CAFDJ
— SportsCafe (@IndiaSportscafe) September 11, 2020