වේගවත්ම 20යි 20 ශතකයේ වාර්තාව බිද වැටෙයි

20යි 20 කාන්තා තරගයක වේගවත්ම ශතකය රැස් කිරීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සෝෆි ඩිවයින් (Sophie Devine) අද(14) සමත් වුණා.
ඒ, එරට පැවැති දේශිය තරගයකදී වෙලින්ටන් කණ්ඩායම නියෝජනය කරමින්.
එහිදී 31 හැවිරිදි ඇය පන්දු 36කින් මෙම ශතකය වාර්තා කළ අතර, පන්දු 38කින් ඇය නොදැවී රැස් කළ ලකුණු 108ට හයේ පහර 9ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.
මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවන් දියන්ද්‍ර ඩෝටින් (Deandra Dottin) විසින් පන්දු 38කින් ශතකයක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණා.
සෝෆි ඩිවයින් වාර්තා කළ වේගවත් ශතකයෙන් සවිමත් වූ වෙලින්ටන් කණ්ඩායම තමන්ට හිමි වූ ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 8.4කින් පසු කර යමින් ඔටාගෝ (Otago) කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයක් ද වාර්තා කිරීමට සමත් වුණා.
Ohh Kiwis, we can’t stop loving you 🙂
You may hit a 6️⃣ to get to a record breaking 💯
The ball hits a pretty, young kid & that feeling from Sophie Devine tells the whole story.Cricket is a beautiful game with wonderful moments.
That moment at the end❤pic.twitter.com/vlcbMKOGGl— North Stand Gang – Wankhede (@NorthStandGang) January 14, 2021