Ultimate magazine theme for WordPress.

වෙනස්කම් රැසක් සමගින් නවසීලන්ත එක්දින සංචිතය නම් කෙරේ ; නවකයින් තිදෙනෙකුත් කැදවයි

බංග්ලාදේශය සමග ඉදිරියේ දී සිය රටේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මෙතෙක් එක්දින වරම් දිනා නොමැති ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එනම්, තුන් ඉරියව් ක්‍රීඩක Josh Clarkson, වේග පන්දු යවන ක්‍රීඩක Will O’Rourke හා පා දග පන්දු යවන ක්‍රීඩක Adi Ashok යන ක්‍රීඩකයින්.

නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බැවින් ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ටොම් ලේතම්.

විලියම්සන්ට අමතරව ටිම් සවුති, ඩැරල් මිචෙල්, මිචෙල් සැන්ට්නර්, ග්ලේන් පිලිප්ස් හා ඩෙවෝන් කොන්වේ ද මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

මයිකල් බ්‍රේස්වෙල්, මැට් හෙන්රි, ලොකී ෆර්ගසන්, ජේම්ස් නීෂම්, බෙන් ලිස්ටර් හා හෙන්රි ශිප්ලි යන ක්‍රීඩකයින්ට ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය අහිමි වී ඇති බව සදහන්.

වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ද මෙම තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 17 වැනිදා Dunedin හී දී පැවැත්වෙන අතර, දෙවැනි එක්දින තරගය Nelson හී දී ලබන 20 වැනිදා ද, තෙවැනි එක්දින තරගය Napier හී දී ලබන 23 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

New Zealand squad for Bangladesh ODIs :

Tom Latham (c), Adi Ashok (games 2 & 3), Finn Allen, Tom Blundell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Kyle Jamieson, Adam Milne, Henry Nicholls, Will O’Rourke, Rachin Ravindra, Ish Sodhi (game 1), Will Young

Leave a comment