Ultimate magazine theme for WordPress.

විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින්නැයි මහේලටත් දන්වයි

ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා වෙතද දන්වා තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඒ අනුව හෙට පෙරවරු 9ට ජයවර්ධන මහතා එම ඒකකය හමුවේ පෙනී සිටිනු ඇති.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහේල ජයවර්ධන සුපිරි ශතකයක් ද වාර්තා කරමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ද අද පැය 10කට ආසන්න කාලයක් එම ඒකකය වෙත ප්‍රකාශ ලබා දුන්නා.

මෙම සිද්ධියට අදාළව ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන් ද පැය දෙකක පමණ කාලයක් අදාළ ඒකකය විසින් ප්‍රකාශ ලබා ගත්තා.

හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ද පසුගියදා එම ඒකකය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Leave a comment