Ultimate magazine theme for WordPress.

විශිෂ්ඨයන් 11 දෙනා අතරට විස්ඩන් සඟරාව පැතුම් නම් කරයි.

මේ වන විට අවසානය කරා ලඟා වී ඇතී මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය අතරතුර ටෙස්ට් වරම් හිමිකරගත් ක්‍රීඩකයන් අතුරෙන් හොඳම ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීමට සුප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කර තිබෙනවා.

එලෙස ඔවුන් නම් කළ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් 11 දෙනා අතර නැගී එන ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් වීම විශේෂත්වයක්.

තවමත් 22 වන වියේ පසුවන පැතුම් නිස්සංක මේ දිනවල කොදෙව් දූපත්හී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ දෙවන ඉනිමේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

එහිදී ඔහු වාර්තා පොත් අතරට එකතු වුණේ මව් රටින් පිටත දී මංගල ටෙස්ට් තරගයක ශතකයක් වාර්තා කළ ප්‍රථම ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙසයි.

විස්ඩන් සඟරාව නම් කල මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයන් අතරින් හොඳම ක්‍රීඩකයන් 11 දෙනා පහතින් –

01. අබීඩ් අලී (පාකිස්තානය)

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ගණන 10 යි. ලකුණු 569 යි. සාමාන්‍ය 35.56 යි. ඔහු ශතක 2 ක් සහ අර්ධ ශතකයක් වාර්තා කර ඇති අතර, ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 174 ක්.

02. ෂුබ්මන් ගිල් ( ඉන්දියාව )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ගණන 7 යි. ලකුණු 378 ක් එහිදී ලබා ගෙන ඇති ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සටහන් වන්නේ 34.36 ක් ලෙසයි. ඔහු අර්ධ ශතක 3 ක් වාර්තා කර ඇත. ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 91ක්.
03. න්ක්රුමහ් බෝනර් (Nkrumah Bonner) ( කොදෙව් දූපත් )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 3 තුළ ලකුනු 375 ක් ලබා ගෙන ඇත. සාමාන්‍ය 75 යි. ශතක 1 ක් සහ අර්ධ ශතක 2ක් වාර්තා කර ඇත. ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු ප්‍රමාණය 113* යි.

04. පැතුම් නිස්සංක ( ශ්‍රී ලංකාව )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 1 යි. ලකුණු 112 යි. සාමාන්‍ය 56 යි. ඔහු ශතක 1 ක් වාර්තා කර ඇත. ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු ගණන 103 යි.

05. ක්යිල් මේයර්ස් ( කොදෙව් දූපත් )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 3 යි. ලකුණු 358 යි. සාමාන්‍ය 71.6 යි. ඔහු ශතක 1 ක් සහ අර්ධ ශතක 1 ක් වාර්තා කර ඇත. ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 210* යි.

06. ජොශුවා ද සිල්වා ( කොදෙව් දූපත් )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ගණන 4 යි. ලකුණු 280 යි. සාමාන්‍ය 40 යි. ඔහු අර්ධ ශතක 2 ක් වාර්තා කර ඇත. ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු ගණන 92 යි. කඩුලු රැකීමේ දී ලබා ගෙන ඇති උඩ පන්දු ගණන 10 ක්.

07. රකීම් කෝන්වෝල් ( කොදෙව් දූපත් )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 06 යි. ලබාගෙන ඇති කඩුලු ගණන 31 යි. ඉනිමක කඩුලු පහේ අවස්ථා දෙකක් ලබාගෙන ඇත. එක් අර්ධ ශතකයක්ද වාර්තා කර ඇති අතර, හොඳම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 75 කට කඩුලු 7 ක් ලෙසයි.

08. අක්සාර් පටෙල් ( ඉන්දියාව )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 03 යි. දවාගෙන ඇති කඩුලු ගණන 27 යි. ඉනිමක කඩුලු පහේ අවස්ථා 4 ක් ලබාගෙන ඇත. හොඳම පන්දු යැවීම ලකුණු 38කට කඩුලු 6 යි.

09. ක්යිල් ජෙමීසන් ( නවසීලන්තය )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ගණන 06 යි. ලබාගෙන ඇති කඩුලු ගණන 36 යි. ඉනිමක කඩුලු පහේ අවස්ථා 4 ක් ලබාගෙන ඇත. හොඳම පන්දුයැවීම ලකුණු 48 කට කඩුලු 6 යි

10. ජොෆ්රා ආචර් ( එංගලන්තය )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 13 යි. දවා ගෙන ඇති කඩුලු ගණන 42 යි. ඉනිමක කඩුලු පහේ අවස්ථා 3ක් ලබාගෙන ඇත. හොඳම පන්දු යැවීම ලකුණු 45 කට කඩුලු 6 යි.

11. අන්රිච් නොකියා ( දකුණු අප්‍රිකාව )

ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 10 යි. බිද හෙලා ඇති කඩුලු ගණන 39 යි. ඉනිමක කඩුලු පහේ අවස්ථා 3 ක් ලබාගෙන ඇත. හොඳම පන්දු යැවීම ලකුණු 56 කට කඩුලු 6 යි.

Leave a comment