Ultimate magazine theme for WordPress.

විශ්‍රාම ගත් යුවරාජ් යළි ක්‍රිකට් පිටියට – අවසර ඉල්ලා ලිපියකුත් ලියයි

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන දේශීය තරගවාරයේ දී පන්ජාබ් කණ්ඩායම නියෝජනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සදහා අවසර ඉල්ලමින් යුවරාජ් සිං ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි වෙත ලිපියක් ද යොමු කර ඇති බව සදහන්.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ යුවරාජ් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය වසරේ දී යි.

Leave a comment