Ultimate magazine theme for WordPress.

විශ්‍රාම ගත් ස්ටොක්ස් කැදවමින් එංගලන්ත එක්දින සංචිතය නම් කෙරේ

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන එංගලන්ත සංචිත අද(16) නිවේදනය කෙරුණා.

විශේෂත්වය වන්නේ 2022 වසරේ දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ ‌සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් යළි එක්දින සංචිතයට කැදවීමට තීරණය කර තිබීමයි.

එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට ඔහු ගත් තීරණය සංශෝදනය කරමින් යළි එක්දින තරග පිටියට පිවිසීමට ස්ටොක්ස් තීරණය කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති වේග පන්දු යවන ක්‍රීඩක Gus Atkinson ද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් යුත් 20යි 20 තරගාවලිය සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් තිදෙනෙකු වන Gus Atkinson, Josh Tongue හා John Turner නම් කර තිබීම ද විශේෂත්වයක්.

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර 20යි 20 තරගාවලිය අගෝස්තු 30 වැනිදා ආරම්භ වන අතර, තරග 4කින් යුත් එක්දින තරගාවලිය සැප්තැම්බර් 8 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

England Men ODI squad:

Jos Buttler (C), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid , Joe Root, Jason Roy, Ben Stokes, Reece Topley,  David Willey, Mark Wood, Chris Woakes

England Men IT20 squad:

Jos Buttler (C), Rehan Ahmed, Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Harry Brook, Sam Curran, Ben Duckett,
Will Jacks, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Josh Tongue, John Turner, Luke Wood

Leave a comment