Ultimate magazine theme for WordPress.

විශ්‍රාම ගත් වෑග්නර් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ?

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම සදහා යම් අවස්ථාවක් මේ වන විට උදා වී තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඔහුව නම් කර තිබූ නමුත්, අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ඔහුව නම් නොකරන බවට නෙයිල් වෑග්නර්ට දැනුම් දීමෙන් පසුවයි ඔහු පසුගිය 27 වැනිදා විශ්‍රාම ගැනීම නිවේදනය කළේ.

කෙසේ වෙතත්, අද නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක Will O’Rourke පාදයක ආබාධයකට ලක් වීමත් සමග නෙයිල් වෑග්නර් ටෙස්ට් කණ්ඩායම සදහා යළි කැදවීමට යම් අවස්ථාවක් පවතිනවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය සදහා වෑග්නර් ක්‍රීඩා නොකළ ද, ඔහු එම තරගයේ දී අතිරේක පන්දු රකින්නෙකු ලෙස කටයුතු කරනු දක්නට ලැබුණා.

ඔහුගේ විශ්‍රාම ගැනීම නිවේදනය කළ අවස්ථාවේ දී නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ නෙයිල් වෑග්නර් පළමු ටෙස්ට් තරගයෙන් පසුව සංචිතයෙන් නිදහස් කරන බවයි.

කෙසේ වෙතත්, මේ වන විට Will O’Rourke ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුට අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළ හැකි දැයි ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඔහුට අවසන් තරගය අහිමි වුවහොත් ඔහු වෙනුවට නෙයිල් වෑග්නර් කණ්ඩායමට කැදවීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන බවක් නායක ටිම් සවුති මාධ්‍ය හමුවේ සදහන් කළේ නැහැ.

කෙසේ වෙතත්, ට්‍රෙන්ට් බෝල්ට් මෑතකදී විස්සයි 20 තරග පමණක් ක්‍රීඩා කර ඇති බැවින් ඔහු පිළිබද අවධානය යොමු නොකරන බව සවුති තහවුරු කර සිටියා.

Leave a comment