Ultimate magazine theme for WordPress.

විරාට් කෝලි ටෙස්ට් නායකත්වයෙනුත් ඉල්ලා අස් වෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි එරට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉල්ලා අස් වී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඔහු ඉවත්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් විරාට් කෝලි සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් නිවේදනය කළා.

33 හැවිරිිදි ඔහු නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වූ අතර, අනතුරුව දකුණු අප්‍රිකා තරග සංචාරය ආරම්භ වීමට පෙර ඔහුව එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත්තා.

දකුණු අප්‍රිකාව සමග නිමා වූ තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජයට පත් වී දිනක් ගතව ඇති පසුබිමකයි ඔහු මෙලෙස ටෙස්ට් නායකත්වයෙන් ද ඉල්ලා අස් වී ඇත්තේ.

වසර 7ක කාලයක් ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා නව නායකයෙකු පත් කිරීමට එරට තේරීම් කමිටුව කටයුතු කරනු ඇති.

Leave a comment