Ultimate magazine theme for WordPress.

විරාට් කෝලිට IPL බළධාරීන් දඩ ගසයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායක විරාට් කෝලිට අයි.පී.එල් බළධාරීන් විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, මෙවර තරග වාරය යටතේ ඊයේ(25) පැවැති තරගාවලියේ 19 වන තරගයේ දී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී RCB කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් කෝලිට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 31ක පමණ අගයක් වනවා.

චෙන්නායි කණ්ඩායමට එරෙහි අදාළ තරගයෙන් RCB කණ්ඩායම ලකුණු 69කින් පරාජයට ද පත් වුණා.

Leave a comment