Ultimate magazine theme for WordPress.

විමර්ශන ඒකකයට පැමිණි මහේල ඉන් පිටව යයි

ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ප්‍රකාශයක් ලබා නොදීම ඉන් පිටව ගොස් තිබෙනවා.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලවයි ඔහු අද එහි පෙනී සිටියේ.

මහේල අද එම ඒකකය හමුවේ පෙනී සිටියද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අද පෙරවරුවේ සදහන් කළේ මහේල ජයවර්ධනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් ලබා නොගන්නා බවයි.

ඔහුට අද දිනයේ දී පැමිණෙන ලෙසට මීට පෙර දන්වා තිබුණ ද අනතුරුව වෙනත් දිනයක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් අද දින ඔහුට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බව එම ඒකකය කියා සිටියා.

කෙසේ වෙතත්, News Wire වෙබ් අඩවිය වාර්තා කළේ මහේල ජයවර්ධනට ඒ පිළිබද නිල දැනුම් දීමක් සිදු කර නොතිබූ බවයි.

ALSO READ : “අද උදේ මම දැනුම් දීලයි ආවෙ” – මහේල

Leave a comment