Ultimate magazine theme for WordPress.

මිචෙල් මාෂ්ට ඩොලර් 5000ක දඩ

පර්ත් ස්කෝච්ස් ක්‍රීඩක මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විනය නීති සංග්‍රහය යටතේ වන දෙවන මට්ටමේ වරදකට හසු වීම හේතුවෙන් ඔහුට ඩොලර් 5,000ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ, මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(30) පැවැති තරගයේ දී විනිසුරු තීරණයකට විරෝධය පල කිරීම හේතුවෙන්.

පා ඉන්නෙන් පිටතට ඇදී ගිය පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස ලබා දුන් වැරැදි විනිසුරු තීරණය හේතුවෙන් මිචෙල් මාෂ් මෙලෙස විනිසුරු වෙත සිය නොසතුට පල කර සිටියා.

කඩුලු රකින්නා විසින් අදාළ පන්දුව රැක ගැනීමෙන් අනතුරුව පන්දු රකින්නන් විසින් ඔහු දැවී ගිය පිතිකරුවෙකු දැයි විනිසුරුගෙන් විමසා සිටි අතර, එහිදී විනිසුරු විසින් මිචෙල් මාෂ් උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අයෙකු ලෙසටයි නම් කළේ.

කෙසේ වෙතත්, එය දැවී යාමක් නොවන බව පුනරූපනවලින් ද දක්නට ලැබුණා.

නිවේදනයක් නිකුත් කරමින් මිචෙල් මාෂ් තමාට එරෙහි දඩ මුදල පිළිගනිමින් සදහන් කළේ අදාළ සිදුවීමේ දී තමන් හැසිරුණු අයුරු පිළිගත නොහැකි බවයි

Leave a comment