විනය විරෝධීව හැසිරුණු පාන්ඩ්යාට සහ මොරිස්ට දඩුවම්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ට දඩුවම් නියම කර තිබෙනවා.
ඒ, ඊයේ(28) කණ්ඩායම් දෙක අතර පැවැති අයි.පී.එල් තරගයේ දී ඔවුන් දෙදෙනා IPL විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.
මුම්බායි ඉනිමේ 19 වන පන්දුවාරයේ දී හර්ඩික් පාන්ඩ්යා විසින් ක්‍රිස් මොරිස් යොමු කළ පන්දුවකට හයේ පහරක් එල්ල කළ අතර, ඉන් පසුව යැවූ පන්දුවට ඔහු දැවී ගියා.
එම අවස්ථා දෙකේදී ම ක්‍රීඩකයින් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වනු දක්නට ලැබුණා.
ක්‍රීඩකයින් දෙදෙනා විසින් ඔවුන්ට එල්ල වූ චෝදනා පිළිගෙන ඇති බව අතර, ඒ අනුව තරග තීරකවරයා විසින් ඔවුන් දෙදෙනාට දඩුවම් නියම කර ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.
ඊට අදාළ දර්ශන පහතින් –
— Simran (@CowCorner9) October 29, 2020