Ultimate magazine theme for WordPress.

විනය විරෝධීව හැසිරුණු ක්‍රිස් ගේල්ට දඩ

කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ට දඩ නියම කර තිබෙනවා.

ඒ, ඊයේ(30) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ඔහු අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.

ක්‍රිස් ගේල් මෙම තරගයේ දී ලකුණු 99කට දැවී ගිය අතර, අනතුරුව ඔහු විසින් ආවේගයෙන් යුතුව තම පිත්ත විසි කරනු ලැබුවා.

ඒ අනුව ක්‍රිස් ගේල් විසින් අදාළ වරද පිළිගෙන ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

ඔහුට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

Leave a comment