Ultimate magazine theme for WordPress.

විදෙස් තරගාවලි සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විදෙස් රටවල්හි සංවිධාන කරන කිසිදු තරග රටාවක තරගාවලි සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව daily news වාර්තා කරනවා.

ඒ, මෙම වසරේ දී ජාතික කණ්ඩායමට යෙදී ඇති කාර්යය බහුල තරග කාලසටහන හේතුවෙන්.

විදෙස් රටවල සංවිධාන කෙරෙන T10 සහ T20 තරගාවලි සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම වසර ආරම්භයේ සිටම සහභාගී වීමට නියමිතව තිබුණා.

ලබන 14 වනදා එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට එක්වීමට නියමිත අතර, අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වූ අතර, තරගාවලිය 0-2ක් ලෙස පරාජයට ද පත් වුණා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment