Ultimate magazine theme for WordPress.

වසීම් අක්‍රම් සහ ශොයිබ් අක්තාර් LPL තරගාවලියේ

පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන වසීම් අක්‍රම් සහ ශොයිබ් අක්තාර් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උපදේශකවරු ලෙස එක්වීමට නියමිත බව වාර්තා වනවා.

කොදෙව් හිටපු සුපිරි පිතිකරුවන් දෙදනෙකු වන බ්‍රයන් ලාරා සහ විවියන් රිචර්ඩ්ස් ද එම තරගාවලිය වෙනුවෙන් කුමන හෝ අංශයකින් එක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ මුනාෆ් පටෙල් සහ ප්‍රවීන් කුමාර් ද තරගාවලියට එක්වීමට නියමිත බව සදහන්.

පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි, මොහොමඩ් හෆීස් සහ ශොයිබ් මලික් ද තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව සිටිනවා.

Leave a comment