Ultimate magazine theme for WordPress.

වසර 17කට පසු එංගලන්තය පාකිස්තාන සංචාරයක ?

පාකිස්තාන තරග සංචාරයක නිරත වීමේ කිසිදු ගැටලුවක් තමාට නොමැති බව එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

2022 වසරේ දී එංගලන්තය විසින් 20යි 20 කණ්ඩායමක් පාකිස්තාන තරග සංචාරයක නිරත කරනු ඇති බවට අපේක්ෂා කරන්නේ යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකයි එංගලන්ත පුහුණුකරු මෙම අදහස් පල කළේ.

ආරක්ෂක ගැටලු හේතුවෙන් එංගලන්ත කණ්ඩායමක් 2005 වසරෙන් පසුව මෙතෙක් පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී නැහැ.

මේ වන විට පාකිස්තාන කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව සිටිනවා.

කොරෝනා වසංගතය හමුවේ එංගලන්ත ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට පත්ව සිටින අවස්ථාවකයි පාකිස්තානය මෙම තරග සංචාරයේ නිරත වන්නේ.

ඒ ඔස්සේ එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අර්බුදයට යම් සහනයක් ලැබී තිබෙනවා.

ඒ අනුව ඊට ප්‍රතිඋපකාරයක් ලෙස එංගලන්ත කණ්ඩායම පාකිස්තාන සංචාරයක ද නිරත වනු ඇති බවටයි පාකිස්තානය විශ්වාසය පල කරන්නේ.

Leave a comment