Ultimate magazine theme for WordPress.

වසර 117ක් පැරණි ලෝක වාර්තාවක් කුසල් සහ ශ්‍රී ලංකාව බිද දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වුණා.

කෙසේ වෙතත්, තරගයට හොද ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 157කට සීමා වීම හේතුවෙන්.

ආරම්භක පිතිකරු කුසල් ජනිත් වාර්තාගත ලකුණු 60ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

දෙවන කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 71ක් ලෙසයි.

ඒ අනුව එය නව ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසයට එක් වුණා.

ඒ, පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී ලකුණු 60කට වැඩියෙන් ලබා ගනිමින් දැවී ගිය අවස්ථාවකදී අදාළ කණ්ඩායම ලබා ගෙන තිබූ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර 1904 වසරේ දී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයකදී එංගලන්තය විසින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ, එංගලන්ත ලකුණු පුවරුව 74ක්ව තිබියදී Johnny Tyldesley ලකුණු 62කට දැවී යාමත් සමගයි.

Leave a comment