Ultimate magazine theme for WordPress.

වසර දෙකකට පසු කොදෙව් දැවැන්තයා කැදවමින් එංගලන්තයට එරෙහි T20 සංචිතය නම් කෙරේ

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක අන්ඩ්‍රි රසල් නම් කර තිබීම විශේෂත්වයක්. ඔහුව 20යි 20 ජාතික සංචිතය සදහා මෙලෙස නම් කෙරුණේ 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුවයි.

35 හැවිරිදි රසල් පසුගිය සති කිහිපයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටියේ අබුඩාබි T10 තරගාවලිය ක්‍රීඩා කිරීම සදහායි.

එහිදී ඔහු Deccan Gladiators කණ්ඩායම නියෝජනය කළ අතර, සෙනසුරාදා (9) පැවැති අවසන් තරගයේ දී ඔවුන් New York Strikers කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

අන්ඩ්‍රි රසල් එළඹෙන දින කිහිපයේ දී කොදෙව් සංචිතය සමග බාර්බඩෝස් හී දී එක් වීමට නියමිතයි.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති 21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක මැතිව් ෆෝර්ඩ් ද සංචිතයට නම් කර තිබෙනවා.

2020 වසරෙන් පසුව පළමු වරට ශෙර්ෆේන් රදර්ෆර්ඩ් 20යි 20 සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ගුඩකේෂ් මොතියා ද යළි සංචිතයට කැදවා තිබෙනවා.

නිකලස් පූරාන් හා ජේසන් හෝල්ඩර් යළි ජාතික සංචිතයට නම් කර ඇති අතර, ෂේයි හෝස් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ජොන්සන් චාර්ල්ස්, ඔබෙඩ් මැකෝයි, ඔඩියන් ස්මිත් හා ඔෂේන් තෝමස් යන ක්‍රීඩකයින් 20යි 20 සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 13 වැනිදා බාර්බඩෝස් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

West Indies squad

Rovman Powell (c), Shai Hope (vc), Roston Chase, Matthew Forde, Shimron Hetmyer, Jason Holder,Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Gudakesh Motie, Nicholas Pooran, Andre Russell, Sherfane Rutherford, Romario Shepherd

Leave a comment