Ultimate magazine theme for WordPress.

වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් 2021 වසරට අදාළ අයි.සී.සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

2021 වසරේ දී ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 15 තුළ දී ලකුණු 1,708 ක් රැස් කිරීමට රූට් සමත් වුණා.

ඒ, ශතක 6ක් ද සමගින්.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් හා නවසීලන්තයේ ක්යිල් ජමීසන්ගේ ද නම් ඇතුළත්ව තිබුණා.

මේ අතර, අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිව ඇත්තේ පාකිස්තාන නායක බබාර් අසාම්ටයි.

අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රීඩකයාට හිමි සම්මානය පාකිස්තානයේම මොහොමඩ් රිස්වාන් විසින් දිනා ගනු ලැබුවා.

අයි.සී.සී වසරේ විනිසුරුවරයා ලෙස දකුණු අප්‍රිකාවේ මරායස් එරාස්මස් (Marais Erasmus) සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

Leave a comment