Ultimate magazine theme for WordPress.

වසරේ වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා බබාර් අසාම්

සුපිරි පිතිකරු සහ පාකිස්තාන නායක බබාර් අසාම් වසරේ වටිනාම පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී යි.

පසුගිය වසරේ දී බබාර් අසාම් පිතිකරණයෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, සියලු තරග රටාවලදී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය එම වසරේ දී 55 ඉක්මවා තිබුණා.

ටෙස්ට් තරග 4කදී ලකුණු 338ක් (සාමාන්‍ය 67.6), එක්දින තරග 3කදී ලකුණු 221 (සාමාන්‍ය 110) සහ 20යි 20 තරග 8කදී ලකුණු 276ක් (සාමාන්‍ය 55.2) බබාර් අසාම් විසින් පසුගිය වසරේ දී වාර්තා කළා.

මෙම දක්ෂතා හේතුවෙන් ඔහු වසරේ සීමිත පන්දුවාර තරග පිටියේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ මොහොමඩ් රිස්වාන්.

සියලු සම්මාන බෙදී ගිය අයුරු –

Most Valuable Cricketer of the Year – Babar Azam

Test Cricketer of the Year – Mohammad Rizwan

White-ball Cricketer of the Year – Babar Azam

Individual Performance of the Year – Fawad Alam (102 v New Zealand, 1st Test)

Women’s Cricketer of the Year – Aliya Riaz

Domestic Cricketer of the Year – Kamran Ghulam

Corporate Achievement of the Year – First-ever HBL PSL 2020 in Pakistan

Men’s Emerging International Cricketer of the Year – Naseem Shah

Men’s Emerging Cricketer of the Year – Rohail Nazir

Women’s Emerging Cricketer of the Year – Fatima Sana

Umpire of the Year – Asif Yaqoob

Leave a comment