Ultimate magazine theme for WordPress.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ක්වෙන්ටන් ඩී කොක්

වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර දිනා ගැනීමට ක්වෙන්ටන් ඩී කොක් සමත්ව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අතථ්‍ය සම්මාන උළෙලේ දී යි.

ඊට අමතරව ඔහු වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තා.

වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දෙවරක් දිනා ගත් හයවැනි ක්‍රීඩකයා ලෙසයි ඩී කොක් ඉතිහාසයට එක් වුණේ.

එක්දින සහ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ලුන්ගි එන්ගිඩී සම්මාන හිමි කර ගත් අතර වසරේ නවක ක්‍රීඩකයාට හිමි සම්මානය Anrich Nortje විසින් දිනා ගත්තා.

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සහ එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය මෙවර දිනා ගත්තේ Laura Wolvaardt.

වසරේ 20යි 20 ක්‍රීඩිකාව ලෙස Shabnim Ismail සම්මාන හිමි කර ගත්තා.

Nonkululeko Mlaba වසරේ නවක ක්‍රීඩිකාවට හිමි සම්මානයයි දිනා ගත්තේ.

Leave a comment