Ultimate magazine theme for WordPress.

වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණ හිමි කර ගනියි

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට යළි සමත්ව තිබෙනවා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන හසරංග දවා ගෙන ඇති කඩුලු ගණන 15 ක්.

වනිදු හසරංගට ශ්‍රේණිගත ලකුණු 704 ක් හිමිව ඇති අතර, මෙතෙක් පෙරමුණේ පසු වූ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 698 ක්.

රෂීඩ් ඛාන් මේ වන විට 20යි 20 පන්දු යවන්නන් අතර රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේ යි.

වනිදු හසරංග අවසන් වරට 20යි 20 පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි කර ගෙන සිටියේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දී යි.

සිය වසර 3ක 20යි 20 ජාත්‍යන්තර දිවිය තුළ තරග 52 කදී 25 හැවිරිදි ඔහු කඩුලු 86 ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

මේ අතර, 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි යළි 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

Show Comments (1)