වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්හි පළමු 5 අතරට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ, එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.
ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.
මෙතෙක් 9 වැනි ස්ථානයේ පසු වූ ලක්ෂාන් සදකැන්ට මේ වන විට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.
වනිදු හසරංග ශ්‍රේණිගත ලකුණු (RATING) 693කට හිමිකම් කියන අතර, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි ශ්‍රේණිගත ලකුණු 750කට හිමිකම් කියනවා.