ලෝක ටෙස්ට් ශූරතාවලියේ විස්ඩන් ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්

සුප්‍රකට විස්ඩන් සගරාව විසින් 2021-23 වසරවලට අදාළව පැවැති අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ අවසන් තරගාවලිය ඊයේ (20) නිමා වුණේ ශ්‍රී ලංකාව සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය නවසීලන්ත කණ්ඩායම තරග 2-0 ක් ලෙස ජය ගැනීමත් සමගයි.
ටෙස්ට් ශූරතාවලිය යටතේ මේ වන විට පැවැත්වීමට ඉතිරිව ඇත්තේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය පමණයි.
එම තරගය ජූනි 7 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
විස්ඩන් සගරාව විසින් ප්‍රකාශයට පත් කෙරුණු ලෝක ටෙස්ට් ශූරතාවලියේ හොදම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට (Wisden’s WTC 2021-2023 XI) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
මෙම කණ්ඩායමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 4 දෙනෙකු, ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයෙකු හා දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු ද ඇතුළත්.
WTC 2021-2023: Wisden’s World Test Championship XI :
- Usman Khawaja
16 matches, 1608 runs @ 69.91, HS: 195*, 6 hundreds, 7 fifties - Dimuth Karunaratne
12 matches, 1054 runs at 47.90, HS: 147, 2 hundreds, 8 fifties - Marnus Labuschagne
19 matches, 1509 runs at 53.89, HS: 204, 5 hundreds, 5 fifties - Dinesh Chandimal
10 matches, 958 runs at 68.42, HS: 206*, 2 hundreds, 5 fifties - Jonny Bairstow
15 matches, 1285 runs at 51.40, HS: 162, 6 hundreds, 2 fifties - Rishabh Pant (wk)
12 matches, 868 runs at 43.40, HS: 146, 2 hundreds, 5 fifties - Ravindra Jadeja
12 matches, 673 runs at 37.38, HS: 175*, 2 hundreds, 3 fifties
43 wickets at 23.23, BBI: 7-42, 3 five-fors - Pat Cummins
15 matches, 53 wickets at 21.22, BBI: 5-38, 3 five-fors - Kagiso Rabada
13 matches, 67 wickets at 21.05, BBI: 6-50, 3 five-fors - Nathan Lyon
19 matches, 83 wickets at 26.97, BBI: 8-64, 5 five-fors - Jasprit Bumrah
10 matches, 45 wickets at 19.73, BBI: 5-24, 3 five-fors