Ultimate magazine theme for WordPress.

ලෝක කුසලාන තීරණය කල් දැමීම ගැන ඉන්දියාවෙන් අයි.සී.සී සභාපතිට චෝදනා

2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකිදැයි අවසන් තීරණය ගැනීම සදහා තවත් මාසයක කාලයක් ලබා ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගිය දා ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව නොසතුට පල කරනවා.

එරට ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු PTI පුවත් සේවය වෙත අදහස් දක්වමින් චෝදනා කර ඇත්තේ අයි.සී.සී සභාපති ශශාන්ක් මනෝහාර් විසින් මෙම තීරණය ගැනීම සිතා මතාම කල් දමමින් සිටින බවටයි.

මෙවර අයි.පී.එල් තරගාවලිය පැවැත්වීම සදහා සුදුසු කාල පරාසයක් තීරණය කර ගැනීමට නොහැකි වන පරිදි ඔහු අදාළ තීරණය කල් දමා ඇති බවට ක්‍රිකට් ආයතන නිළධාරියා සදහන් කර තිබෙනවා.

“අයි.සී.සී සභාපතිවරයා මෙවැනි ව්‍යාකූලත්වයක් ඇති කරන්නේ ඇයි? සත්කාරක ක්‍රිකට් ආයතනයටත් (ඔස්ට්‍රේලියාවට) ලෝක කුසලානය පවත්වන්න අවශ්‍ය නැත්නම්, අවසන් තීරණය දැනුම් දෙන්න මාසයක කාලයක් ගන්නෙ ඇයි? ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් කප්පම් ගැනීම සදහා ඔහු මෙය කරනවාද?”

යනුවෙන් එම නිළධාරියා සදහන් කළා.

අයි.පී.එල් තරගාවලිය සදහා පමණක් නොව සෙසු ක්‍රිකට් ආයතන සදහා ද මෙම තීරණය කල් දැමීමෙන් බලපෑම් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අයි.සී.සී සභාපති ශශාන්න් මනෝහාර් මීට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ නමුත්, ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර මතභේදකාරී තත්ත්වයන් ඇති වූ පළමු අවස්ථාව ද මෙය නොවේ.

Leave a comment