ලෝක කුසලානය හා ඕමාන සංචාරය සදහා පැතුම් ඇතුළු සිව් දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් අමතර ක්‍රීඩකයින් කිහිපදෙනෙකු රැගෙන යාම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව අප ඊයේ(16) ඔබට තොරතුරු වාර්තා කළා.
කෙසේ වෙතත්, ඒ කුමන ක්රීඩකයින්දැයි ඊයේ දිනය වන විට අනාවරණය වී තිබුණේ නැහැ.
ක්‍රීඩකයින් මුහුණ දී ඇති ආබාධ ගැටලු හේතුවෙනුයි මෙම තීරණය ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණේ.
මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම සංචිතයට අමතරව අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ලෝක කුසලානය වෙනුවෙන් නම් කෙරුණා.
නමුත් මේ වන විට කුසල් ජනිත් පෙරේරා හා ළහිරු මදුෂංක ආබාධවලට ලක්වීමත් සමගයි අතිරේක ක්‍රීඩකයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණේ.
ළහිරු මදුෂංක වෙනුවට මිනෝද් භානුක සංචිතයට ඇතුළත් විය හැකි බව ද අප මීට පෙර තොරතුරු වාර්තා කළා.
කුසල් ජනිත්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්ව නැහැ.
මෙවැනි පසුබිමක් යටතේයි එළඹෙන ඕමාන තරග සංචාරය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් අමතර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වුණේ.
ඒ අනුව පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සදකැන් අමතර ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා සංචිතය සමග එක් වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.
Sri Lanka Squad Update 🚨
Minod Bhanuka to replace injured Lahiru Madhusanka for🇱🇰ICC T20i World Cup squad.
Pathum Nissanka,Ashen Bandara,Ramesh Mendis & Lakshan Sandakan have also added to Oman and ICC T20 World Cups tours as extra players.
📸 SLC #ICCT20WorldCup2021 pic.twitter.com/XqSreFB7zK
— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) September 17, 2021