Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානය පාවා දුන් චෝදනාව ගැන විමර්ශන ඇරඹේ

2011 වසරේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අදාළ චෝදනාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.

2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශය, හිටපු නායකයින් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ඊයේ දිනයේ දීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටයි.

Leave a comment