Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානය දිනූ තවත් හයක් ඔස්ට්‍රේලියාවට කැදවයි ; 20යි 20 සංචිතයට වෙනස්කම් රැසක්

ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන ජය ගත් ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්ව සිටි තවත් ක්‍රීඩකයින් 6 දෙනෙකු යළි සිය රට බලා කැදවීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ස්ටීවන් ස්මිත් හා ඇඩම් සම්පා මේ වන විටත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.

ඒ, දෙරට අතර තෙවැනි 20යි 20 තරගය අද ගුවහාටි හී දී පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකයි.

ග්ලේන් මැක්ස්වෙල්, මර්කස් ස්ටොයිනිස්, ජොෂ් ඉන්ග්ලිස් හා ශෝන් ඇබෝට් හෙට දිනයේ දී ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව කඩුලු රකින පිතිකරුවන් වන Josh Philippe හා Ben McDermott ඔස්ට්‍රේලියානු සංචිතයට ආදේශ කර ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වන විටත් ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතය සමග ඉන්දියාවේ දී එක්ව තිබෙනවා. ඔවුන් අද පැවැත්වෙන තෙවැනි තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ද සලකා බැලිය හැකියි.

තවද වමත් වේග පන්දු යවන ක්‍රීඩක Ben Dwarshuis හා New South Wales හා Sydney Thunder දග පන්දු යවන ක්‍රීඩක Chris Green සිව්වැනි තරගයට පෙර ඔස්ට්‍රේලියානු සංචිතය සමග එක් වනු ඇති.

ඒ අනුව ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් අතරින් මේ වන විට 20යි 20 සංචිතයේ රැදී සිටින්නේ ට්‍රැවිස් හෙඩ් පමණයි.

ඔහු තවමත් මෙම 20යි 20 තරගාවලියේ දී කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

දෙරට අතර පැවැති පළමු තරග දෙක ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Updated Australia T20 squad:

Matthew Wade (c), Jason Behrendorff, Tim David, Ben Dwarshuis, Nathan Ellis, Chris Green, Aaron Hardie, Travis Head, Ben McDermott, Josh Philippe, Tanveer Sangha, Matt Short, Kane Richardson

Leave a comment