Ultimate magazine theme for WordPress.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති විවෘත කරමින් අගමැති නමින් නම් කරයි

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මංගල තරගය මේ වන විට ඉන්දියාව සහ එංගලන්තය අතර ආරම්භ වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයයි මෙලෙස එම ක්‍රීඩාංගනයේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන්නේ.

සමාරම්භක අවස්ථාව සදහා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ද එක්ව සිටි අතර, එහිදී ක්‍රීඩාංගනයේ නම සංශෝදනය කිරීමට ද පියවර ගැණුනා.

ඒ අනුව ලොව විශාලතම ක්‍රීඩාංගනය ලෙස නවීකරණය කරන ලද ගුජරාට්හි අහ්මදාබාද් ප්‍රදේශයේ පිහිටි සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නමින් නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනය ලෙස හැදින්වීමට තීරණය කර තිබෙනවා.

වත්මන් අග්‍රාමාත්‍යවරයා ගුජරාට්හි ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ගුජරාට් ක්‍රිකට් සංගමයේ සභාපතිධූරයට ද ඔහු තේරී පත්ව තිබුණා.

එම කාලයේ දී නරේන්ද්‍ර මෝඩිගේ සංකල්පයක් අනුවයි මෙම ක්‍රීඩාංගනය ඉදි කිරීමට කටයුතු කෙරුණේ.

ප්‍රේක්ෂකයින් 1,32,000කට මෙම ක්‍රීඩාංගනයේ තරග නැරඹිය හැකි අතර, ඒ අනුව එය ලොව දෙවැනි විශාලතම ක්‍රීඩාංගනය ලෙස ද සැලකෙනවා.

Leave a comment