Ultimate magazine theme for WordPress.

ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා යළි මෙල්බර්න් පිලට

ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරග වාරයේ දී යළිත් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙය ඔහු එම කණ්ඩායම නියෝජනය කරන සිව්වන අවස්ථාවයි.

ලොව අංක එකේ 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයා වන මොහොමඩ් නබී මෙල්බර්න් පිල වෙනුවෙන් තරග 27ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී පිතිකරණ සාමාන්‍ය 30ක් ලෙස සටහන් කර ගෙන ඇති ඔහු බිද හෙලා ඇති කඩුලු සඛ්‍යාව 21ක්.

මේ වන විට මොහොමඩ් නබී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින්නේ සන්රයිසස් හයිදරාබාද් පිල නියෝජනය කරමින්.

අයි.පී.එල් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇති.

බිග් බෑෂ් ලීග් තරගාවලියේ 10 වැනි අදියර ලබන දෙසැම්බර් 3 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් සංචිතය –

Cameron Boyce, Zak Evans, Aaron Finch (c), Jake Fraser-McGurk, Sam Harper, Marcus Harris, Mackenzie Harvey, Jon Holland, Shaun Marsh, Mohammad Nabi, James Pattinson, Kane Richardson, Will Sutherland, Beau Webster.

Leave a comment