Ultimate magazine theme for WordPress.

ලෙනින් යළි පිතිකරණ අංශයේ පෙරමුණට

ADVERTISEMENT

නවතම අයි.සී.සී එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි කාන්තා අංශයේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින් සමත් වී තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඇය දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

තරග 3කින් යුත් එම තරගාවලියේ තරග දෙකක් පමණක් ක්‍රීඩා කළ 28 හැවිරිදි ඇය එහිදී ලකුණු 163ක් ලබා ගත්තා.

මැග් ලෙනින් මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානයේ රැදී සිටි අතර, ඇයට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 749ක්.

මෙය ඇය විසින් පිතිකරණ අංශයේ පළමු ස්ථානය හිමි කර ගත් පස් වන අවස්ථාවයි.

මීට පෙර 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී මැග් ලෙනින් අවසන් වරට එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගත්තා.

2014 වසරේ නොවැම්බර් මාසයේ දී පළමු වරට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට සමත් වූ ඇය මේ වන විට දින 902ක් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ තම නම ඉදිරියේ සටහන් කර ගෙන තිබෙනවා.

Leave a comment