Ultimate magazine theme for WordPress.

ලෙජන්ඩ්ස් සහ වත්මන් ක්‍රීඩකයින් අතර තරගය ගැන අසුබ ආරංචියක්

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මේ වන විට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මීට පෙර ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව එම තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 4 වනදා මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

Leave a comment