Ultimate magazine theme for WordPress.

ලුක් රයිට් වෙත එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් වගකීම් සහගත ධූරයක්

එංගලන්ත නව ක්‍රිකට් තේරීම් කමිටු නිළධාරියා ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලුක් රයිට් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ලබන මාර්තු මාසයේ දී අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එනම්  Auckland කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පවතින සිය ගිවිසුම අවසන් වීමෙන් පසුව 37 හැවිරිදි ලුක් රයිට් එම ධූරය භාර ගනු ඇති.

ක්‍රිකට් තේරීම් කමිටු නිළධාරී ධූරය හිටපු එංගලන්ත ක්‍රිකට් කලමනාකරණ අධ්‍යක්ෂ Ashley Giles විසින් අහෝසි කර තිබූ අතර, එම ධූරය යළි ස්ථාපිත කිරීමටයි වත්මන් කලමනාකරණ අධ්‍යක්ෂ Rob Key පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම්, ලයන්ස් හා යොවුන් ලයන්ස් සංචිත හා කණ්ඩායම් තේරීමේ වගකීම ඉදිරියේ දී ලුක් රයිට් වෙත පැවරෙනවා.

Show Comments (1)