ලබුෂේන් නැහැ, කොදෙව් සංචාරයට ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කෙරේ

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට මෙවර අතරමගදී තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් වූ ක්‍රීඩකයින් ද ඇතුළත්ව ඇති අතර, එම ක්‍රීඩකයින් අද(17) දිනයේ දී ඔස්ට්‍රේලියාව වෙත ද පැමිණ තිබුණා.
ඒ, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අයි.පී.එල් තරගාවලියට එක් වූ අදාළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ විස්තර විචාරකයින්ට මාලදිවයිනේ සිට සියරට බලා පිටව යාම සදහා ලබා දුන් විශේෂ ගුවන් යානයකින්.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන කොදෙව් තරග සංචාරයට 20යි 20 තරග 5ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.
එම තරග ශාන්ත ලුසියා සහ බාර්බඩෝස්හී දී ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම මූලික ඔස්ට්‍රේලියානු සංචිතය සදහා මාර්නස් ලබුෂේන් නම් කර නොතිබීම විශේෂත්වයක්.
ඔහු මේ වන විට එංගලන්ත ප්‍රාන්ත තරග සදහා එක්ව සිටින අතර, පවතින සංචරණ සීමා සහ නිරෝධායන ක්‍රියාවලීන් නිසා ලබුෂේන්ව සංචිතයට ඇතුළත් කර නොමැති බව සදහන්.
මූලික සංචිතය : Aaron Finch (c), Ashton Agar, Jason Behrendorff, Alex Carey, Pat Cummins, Josh Hazlewood, Moises Henriques, Mitchell Marsh, Glenn Maxwell, Riley Meredith, Josh Philippe, Kane Richardson, Jhye Richardson, Tanveer Sangha, D'Arcy Short, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Andrew Tye, Matthew Wade, David Warner, Adam Zampa.
නවසීලන්තයේ පැවැති සීමිත පන්දුවාර තරග සංචාරයේ දී විවේක ගැන්වූ ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ් සහ පැට් කමින්ස් මෙම සංචිතයට නම් කර තිබෙනවා.
ඇලෙක්ස් කෙරී සහ මොයිසස් හෙන්රික්ස් ද සංචිතයට කැදවා ඇති අතර, ජොෂ් පිලිපී ද සංචිතයට ඇතුළත්.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින් මෙම කොදෙව් සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම දග පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති.
ඒ අනුව දග පන්දු යවන්නන් වන ඇෂ්ටන් ඒගාර්, ඇඩම් සම්පා, මිචෙල් ස්වෙප්සන් හා තන්වීර් සන්හා, ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට නම් කර තිබෙනවා.
ජූනි මස අගදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කොදෙව් දේශය බලා පිටත්ව යාමට නියමිතයි.
තරග කාලසටහන –
1st T20I – July 9, Daren Sammy Stadium, St Lucia
2nd T20I – July 10, Daren Sammy Stadium, St Lucia
3rd T20I – July 12, Daren Sammy Stadium, St Lucia
4th T20 – July 14, Daren Sammy Stadium, St Lucia
5th T20I – July 16, Daren Sammy Stadium, St Lucia
1st ODI – July 20, Kensington Oval, Barbados
2nd ODI – July 22, Kensington Oval, Barbados
3rd ODI – July 24, Kensington Oval, Barbados