Ultimate magazine theme for WordPress.

ලබන වසරේ LPL පැවැත්වෙන කාලවකවානුව නිවේදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වෙන කාලවකවානුව පිළිබදව අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත බවයි තරගාවලි සංවිධායකයින් සදහන් කළේ.

තරගාවලිය පැවැත්වෙන දින මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

දෙවැනි අදියරේ සිට හෝ තෙවැනි අදියරේ සිට තරගාවලියට තවත් කණ්ඩායම් කිහිපයක් එක් කරන බව එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව තරගාවලිය සදහා නැගෙනහිර පළාත ද නියෝජනය වන පරිදි කණ්ඩායමක් ඉදිරි තරගවාරයන්හී දී එක් කිරීමට අපේක්ෂා කරන බවයි හෙතෙම සදහන් කර සිටියේ.

Leave a comment