Ultimate magazine theme for WordPress.

ලකුණු 55කට ඉන්දියාවේ අවසන් කඩුලු 7 දැවී යයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර සෙන්චූරියන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.(28)

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 272ක් රැස් කර ගෙන සිටි නමුත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327ක් පමණයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස කේ.එල් රාහුල් ලකුණු 123කට දැවී ගිය අතර, අජින්කෙයා රහානේ ලකුණු 48ක් රැස් කළා.

සෙසු පිතිකරුවන් අතරින් අද දිනයේ දී ලකුණු 10 සීමාව පසු කළේ ජස්ප්‍රිට් බුම්රා පමණයි. ඔහු ලකුණු 14කට දැවී ගියා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් මයාන්ක් අගාර්වල් ලකුණු 60ක් හා විරාට් කෝලි ලකුණු 35ක් ලබා ගත්තා.

ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 7 දැවී ගියේ ලකුණු 55ක් තුළ වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 6ක් හා කාගිසෝ රබාඩා කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ දෙවන දිනය ඊයේ වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමටයි පියවර ගැණුනේ.

Leave a comment