Ultimate magazine theme for WordPress.

ලකුණු 106 ක ජයකින් ඉන්දියාව තරගාවලිය සම කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 106 ක ජයක් වාර්තා කරමින් තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ඉන්දීය කණ්ඩායම අද(5) සමත් වුණා.

විසාකාපට්නම් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 399 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ 292 ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 73ක් ලබා ගත් අතර, බෙන් ෆෝක්ස් හා ටොම් හාර්ට්ලි ලකුණු 36 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Leave a comment