Ultimate magazine theme for WordPress.

ලක්මාල් අසමත් වෙයි – ක්‍රීඩකයින් රැසකට දෙවැනි තරගය අහිමි වෙයි

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනෙකු පමණ නොමැතිව එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වනු ඇති බව වාර්තා වනවා.

ඒ, වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද අද(1) මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන්.

ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල් සහ කසුන් රාජිත ද දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීම අවිනිශ්චිත වී ඇති අතර,  ධනංජය ද සිල්වා ද එම තරගයට එක් නොවන බව මේ වන විටත් තහවුරු වී අවසන්.

එමෙන්ම ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ ඕෂද ප්‍රනාන්දුට දෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වී ඇති බවට වාර්තා වන අතර, වනිදු හසරංගගේ සහභාගීත්වය ද මෙතෙක් තහවුරු වී නැහැ.

ඒ අනුව මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති අසිත ප්‍රනාන්දු මෙන්ම දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් වේග පන්දු බලඇණිය ශක්තිමත් කරනු ඇති.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ළහිරු තිරිමාන්න ලබන 3 වනදා ආරම්භ වන දෙවැනි තරගයේ දී අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින අතර, මිනෝද් භානුක ද එම තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගැනීමට ඉඩ තිබෙනවා.

මේ අතර, මේ වන විට ආබාධයන්ට ලක්ව සිටින ඇතැම් ක්‍රීඩකයින්ට ලබන 14 වනදා එංගන්තයට එරෙහිව ගාල්ලේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල්ට සහ සුරංග ලක්මාල්ට එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවටයි වාර්තා වන්නේ.

Leave a comment