Ultimate magazine theme for WordPress.

ලක්මාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හෙට(26) ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පසුගිය 23 වනදා පුහුණුවීම් අතරතුර දී ගොදුරු වූ පාදයේ ආබාධය හේතුවෙන්.

ඒ අනුව කසුන් රාජිත ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(26) මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සෙන්චූරියන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment