ලක්නව් කණ්ඩායම ක්‍රීඩකයින් තිදෙනෙකු මිලදී ගනියි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක්වන නව කණ්ඩායමක් වන ලක්නව් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් තිදෙනෙකු සමග ගිවිසුම් ගත වී තිබෙනවා.
ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන කේ.එල් රාහුල් සිය කණ්ඩායම සදහා මිලදී ගැනීමටයි ලක්නව් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.
කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කිරීමට ඉඩ ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.
ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස් හා ඉන්දීය නවක දග පන්දු යවන්නෙකු වන රවී බිෂ්නෝයි ද ලක්නව් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.
රාහුල් සදහා ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලක් ද, ස්ටොයිනිස් සදහා ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක් ද, බිෂ්නෝයි සදහා ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් ද ගෙවා ඇති බව සදහන්.
ඒ අනුව ලබන මාසයේ දී පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සදහා ලක්නව් කණ්ඩායම මුහුණ දෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 60ක මුදල් ප්‍රමාණයක් සිය කණ්ඩායම සන්තකයේ ඉතිරි කර ගනිමින්.