Ultimate magazine theme for WordPress.

රෝහිට් ෂර්මාට ලක්ෂ 30ක දඩයක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මාට අයි.පී.එල් බළධාරීන් විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, මෙවර තරග වාරය යටතේ ඊයේ(20) පැවැති තරගයේ දී ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව නියමිත කාලය තුළ පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී මුම්බායි කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් රෝහිට් ෂර්මාට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක පමණ අගයක් වනවා.

කැපිටල්ස් කණ්ඩායමට එරෙහි අදාළ තරගයෙන් මුම්බායි කණ්ඩායම කඩුලු 6කින් පරාජයට ද පත් වුණා.

Leave a comment