Ultimate magazine theme for WordPress.

රෝහිට්ගේ ශතකය හමුවේ ඉන්දියාව ස්ථාවර වෙයි – Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(13) චෙන්නායි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් දිනය අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින්.

ෂුබ්මන් ගිල් සහ විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා.

කෙසේ වෙතත්, සුපිරි ශතකයක් වාර්තා කරමින් ඉනිම ශක්තිමත් කළ රෝහිට් ෂර්මා ලකුණු 161ක් රැස් කළා.

අජින්කෙයා රහානේ ලකුණු 76ක් සහ චෙටස්වර් පුජාරා ලකුණු 21ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 33යි.

පන්දු යැවීමේ දී ජැක් ලීච් සහ මොයීන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment