Ultimate magazine theme for WordPress.

රෝස් ටේලර් 20යි 20 සංචිතයෙන් ඉවතට

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය අද(12) ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් එම සංචිතයෙන් රෝස් ටේලර් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

ආබාධයක් හේතුවෙන් ලුකී ෆර්ගියුසන් සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 18 වනදා, එනම් කොදෙව්වන් සමග මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය නිමා වී දින 3කින් ආරම්භ වන බැවින් නිත්‍ය නායක කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති, ක්යිල් ජමිසන් සහ ඩැරල් මිචෙල් දෙවන හා තෙවැනි 20යි 20 තරග සදහා පමණක් නම් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගයේ දී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම මිචෙල් සැන්ට්නර් වෙත පැවරී ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Squad for 1st T20I:

Mitchell Santner (c), Todd Astle, Doug Bracewell, Mark Chapman, Devon Conway, Jacob Duffy, Martin Guptill, Scott Kuggeleijn, Jimmy Neesham, Glenn Phillips, Tim Seifert (wk), Ish Sodhi, Blair Tickner

Squad for 2nd and 3rd T20Is:

Kane Williamson (c), Todd Astle, Trent Boult, Devon Conway, Martin Guptill, Kyle Jamieson, Scott Kuggeleijn, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Tim Seifert (wk), Ish Sodhi, Tim Southee

Leave a comment