Ultimate magazine theme for WordPress.

රෝයිගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනා

සිම්බාබ්වේ දග පන්දු යවන ක්‍රීඩක Roy Kaia ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

බංග්ලාදේශය සමග හරාරේ හී දී නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි විනිසුරුවන් විසින් මෙම චෝදනාව එල්ල කර ඇත්තේ.

ඒ අනුව එම තරගයේ දී ඔහුගේ පන්දු යැවීමට අදාළ දර්ශන ජගත් ක්‍රිකට් කවුන්සලයේ විශේෂ මණ්ඩලක් විසින් පරීක්ෂා කර Roy Kaia ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල දැයි තීරණය කරනු ඇති.

ඒ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පවතින විවිධ සීමාවන් නිසා අයි.සී.සීයේ අනුමත පරීක්ෂණ මධ්‍යස්ථානයකදී අදාළ පරීක්ෂාවන් කළ නොහැකි වී ඇති බැවින්.

අදාළ පරීක්ෂණයේ නිගමනයන් ලැබෙන තුරු Roy Kaia ට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීමට හැකියාව පවතිනවා.

Leave a comment