Ultimate magazine theme for WordPress.

රොබින් ජැක්මන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු එංගලන්ත සහ සරේ වේග පන්දු යවන්නෙකු සහ ප්‍රවීන විස්තර විචාරකයෙකු වූ රොබින් ජැක්මන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දියාවේ උපත ලබා තිබූ ඔහු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී මියයන විට ඔහු 75 වන වියේ පසු වුණා.

වයස අවුරුදු 35 දී ටෙස්ට් වරම් දිනා ගත් ජැක්මන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 4කට සහ එක්දින 15කට ක්‍රීඩා කළා.

පළමුපෙල තරගවලදී ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 1402ක්.

මේ අතර සරේ කණ්ඩායම වෙනුවෙන් ඔහු සමග දීර්ඝ කාලයක් එක්ව ක්‍රීඩා කළ ජෝන් එඩ්රිච් ද පසුගිය දා අභාවප්‍රාප්ත වී වුණා.

මියයන විට 83 වන වියේ පසු වූ ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර තිබූ ටෙස්ට් තරග සංඛ්‍යාව 77ක්.

Leave a comment