Ultimate magazine theme for WordPress.

රොන්චිට නවසීලන්තයෙන් නව වගකීමක්

නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක ලුක් රොන්චි පත් කර තිබෙනවා.

ඒ, පසුගිය ජූලි මාසයේ දී ධූරයෙන් ඉවත් වූ පීටර් ෆුල්ටන් වෙනුවටයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් දෙකම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ලුක් රොන්චි තවත් සති දෙකකින් පමණ සිය ධූරයේ වැඩ භාර ගනු ඇති.

ටෙස්ට් තරග 4කට, එක්දින ජාත්‍යන්තර තරග 85 කට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 33 කට ක්‍රීඩා කර ඇති ඔහු මේ වන විට  39 වන වියේ පසුවනවා.

Leave a comment