රූට් 180*; පළමු ඉනිමේ දී එංගලන්තයට ලකුණු 27ක වාසියක්
Day 3 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය, එංගලන්ත පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 391කට සීමා වෙමින් අද(14) නිමා වුණා.
ඒ, ජෝ රූට් රැස් කළ සුපිරි ශතකයෙන් හා ජොනී බෙයාර්ස්ටව්ගේ අර්ධ ශතකයෙන් සවිමත් වෙමින්.
රූට් නොදැවී ලකුණු 180ක් ලබා ගත්තේ හතරේ පහර 18ක් සිය ඉනිමට එක් කරමින්.
එය ඔහු ටෙස්ට් පිටියේ වාර්තා කළ 22 වැනි ශතකයයි.
බෙයාර්ස්ටව් ලකුණු 57යි. රෝරි බර්න්ස් ලකුණු 49ක් රැස් කළ අතර, මොයීන් අලී ලකුණු 27ක් ද ජොස් බට්ලර් ලකුණු 23ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 4ක් හා ඉෂාන්ට් ෂර්මා කඩුලු 3ක් බිද හෙලුවා. මොහොමඩ් ෂාමි කඩුලු 2ක් දවා ගත්තා.
ඒ අනුව එංගලන්තය පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 27ක්.
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 364ක්.
New bowler from the Nursery End: Jarvo 69 😂
— Cricket Mate. (@CricketMate_) August 14, 2021
OMG 😱
Scorecard/Clips: https://t.co/GW3VJ3wfDv
🏴 #ENGvIND 🇮🇳 | #RedForRuth pic.twitter.com/KwPnqjiMTC
— England Cricket (@englandcricket) August 14, 2021