Ultimate magazine theme for WordPress.

රූට්ගේ ද්විත්ව ශතකය හමුවේ ඉන්දියාව පසු බසියි – Day 2 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(6) නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 555ක් ලබා සිටියා.

සිය සුපුරුදු පිතිප්‍රහාරය දියත් කළ නායක ජෝ රූට් තම 5 වන ටෙස්ට් ද්විත්ව ශතකය අද වාර්තා කළා.

මෙය ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගය වන අතර, 100 වැනි ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

රූට් සිය ද්විත්ව ශතකය වාර්තා කළේ හයේ පහරක් එල්ල කරමින් වන අතර, එලෙස හයේ පහරකින් සිය ද්විත්ව ශතකය වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා වන්නේ ද ඔහුයි.

ජෝ රූට් හයේ පහර 2ක් සහ හතරේ පහර 19ක් සමගින් ලකුණු 218ක් රැස් කළා.

බෙන් ස්ටොක්ස් ලකුණු 82ක් සහ ඩොම් සිබ්ලි ලකුණු 87ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, ඉෂාන්ට් ෂර්මා, රවිචන්ද්‍රන් අශ්වින් සහ ශහ්බාස් නදීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment